WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තරගයේ වාසිය අත්පත් කර ගන්න අද දිනයේ පළමු පැය තීරණාත්මකයි

Sun, July 17, 2022- Page Views : 0 results

සංචාරක පකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වන අද දිනයේ පළමු පැය තීරණාත්මක බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පවසනු ඇත.

තරගයේ අද දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට නම් පළමු පැයේ පන්දු යැවීම එලෙස තීරණාත්මක බවයි ඔහු සඳහන් කළේය.

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජය ගැනීමට සිය කණ්ඩායම පළමු ඉනිමේ සිදුවූ අතපසුවීම් නිවැරදි කර ගනිමින් දෙවන ඉනිමට ක්‍රීඩා කළ යුතු බවයි දිනේෂ් චන්දිමාල් වැඩිදුරටත් සඳහන් කළේය.

දෙරට අතර පළමු ක්‍රිකට් තරගය ඊයේ ආරම්භ වූයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට ක්‍රීඩාංගනයේදීයි. තරගයේ පළමුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කිරීමට හැකිවූ ලකුණු සංඛ්‍යාව 222 කි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 76 ක් රැස් කළාය. ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් සහ එක් හයේ පහරක් ඇතුළත්ය.

සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සංචාරක පකිස්තාන කණ්ඩායම ඊයේ දිනය නිමාවන විට රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 24 කි. පකිස්තාන කණ්ඩායමේ කඩුළු 02 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඊයේ සමත්වුණාය. එලෙස දැවී ගිය අබ්දුල්ලා ශෆීක් ලකුණු 13 ක් සහ ඉමාම් උල් හක් ලකුණු 02 ක් රැස් කර සිටියාය. කසුන් රාජිත සහ ප්‍රභාත් ජයසූරිය එම කඩුළු 02 දවා ගත්තාය.