දෙපිලටම ජය - පරාජය තීරණය කරන ගාලු පිටියේ තීරණාත්මක දිනය අදයි
Wed, July 20, 2022- Page Views : 0 results
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන සහ අවසන් දිනය අදයි.
තරගය ජයග්‍රහණය කිරීමට තවත් කඩුළු 07 ක් අතැති පකිස්තාන කණ්ඩායමට රැස්කර ගත යුතු ලකුණු සංඛ්‍යාව 120 කි. ඊයේ දිනය නිමාවන විට තරඟයේ වැඩි වාසි අත්කර ගෙන සිටි පාකිස්තාන කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 03ක් දැවී ලකුණු 222ක් රැස් කර ගෙන සිටියාය. විශිෂ්ඨ පිතිහරඹයක නිරත වන අබ්දුල්ලා ශෆීක් නොදැවී රැස්කර සිටින ලකුණු සංඛ්‍යාව 112 කි. අනෙක් අන්තයේ කඩුල්ලේ රැඳී සිටින මොහමඩ් රිස්වාන් ලකුණු 07 ක් රැස්කර ගෙන සිටි.
මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 222ක් රැස් කළ අතර දෙවන ඉනිමේදී ලකුණු 337ක් රැස් කළාය. පාකිස්තාන කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 218ක් පමණයි. ඒ අනුව තරඟයේ ජයග්‍රහනය සඳහා පාකිස්තාන කණ්ඩායමට දෙවන ඉනිමේදී හිමිවූ ඉලක්කය ලකුණු 342කි. තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.