WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 378 කට සීමා වෙයි

Mon July 25 2022- Page Views : 0 results

සංචාරක පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පකිස්තාන කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 15 ක් රැස්කර ගෙන සිටියා. අබ්දුල්ලා ෂෆීක් අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු රැස් කිරීමට පෙරයි.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම පිතිකරුවන් අද පෙරවරුවේ ලකුණු 378කට දැවී ගියා. ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 80 ක් රැස් කළා.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 51 ක් රැස් කළ අතර ඕෂද ප්‍රනාන්දු ලකුණු 50 ක් රැස් කළා. පන්දු යැවීමේදී නසීම් ෂා ලකුණු 58 කට කඩුළු 3 ක් දවා ගත්තා. යසීර් ෂා ලකුණු 83කට කඩුළු 3 යි. ඒ අනුව කඩුළු 9 ක් අතැතිව සිටින පකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 363 ක් පිටුපසින් සිටිනවා.