WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පොදුරද මඬුලු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා නාමය ඉතිහාසගත වෙයි - යුපුන්ට ලෝකඩ පදක්කමක්

|Wed, August 04, 2022- Page Views : 0 results

එංගලන්තයේ බර්මින්ග්හැම් නුවරදී පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා නාමය අද ඉතිහාසයට එක් වුණාය. ඒ, මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම යුපුන් අබේකෝන් විසින් දිනා ගනිමිනි.

එය සටහන් වූයේ වසර 24 කට පසු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මළල ක්‍රීඩා ඉසව්වකින් දිනූ පළමු පදක්කම ලෙසයි.

එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මීටර් 100 ධාවන ඉසව්වෙන් පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකික ක්‍රිඩකයා ලෙස ද යුපුන් අබේකෝන් අද ඉතිහාසයට එක් වුණාය.

එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ඉසව්වේ අවසන් තරඟයකට සහභාගීවී ඉන් පදක්කමක් දිනූ පළමු ආසියානු ක්‍රීඩකයා ලෙසද වාර්තා පොත් අතරට එක්වීමට යුපුන් අබේකෝන් සමත් වීම විශේෂත්වයකි.

යුපුන් අබේකෝන් සහභාගී වූ මීටර් 100 අවසන් පූර්ව තරඟය ඊයේ රාත්‍රියේ පැවති අතර එහිදී යුපුන් අබේකෝන් තරඟය නිම කළේ සිව්වැන්නා ලෙසයි. ඔහුගේ තරඟ නිමි කාලය තත්ත්පර 10.20ක්. ඒ අනුව යුපුන් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවේ මීටර් 100 අවසන් පූර්ව තරඟ තුනේදී ක්‍රීඩකයින් වාර්තා කළ හොඳම කාලය අනුවයි.

එහිදී යුපුන් අබේකෝන් 08 වැන්නා ලෙස හොඳම තරඟ නිමි කාලයක් සටහන් කර තිබුණි. යුපුන්ගේ මෙම දස්කම සටහන් වූයේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ඉසව්වෙන් අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රිඩකයා බවට පත් වෙමිනි.

එමෙන්ම කිසිදු ආසියාතික ක්‍රීඩකයෙකුද මීටර් 100 ඉසව්වෙන් මෙවර අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා නොතිබීම ද විශේෂත්වයක් වුණාය. ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වේගවත්ම ධාවකයා තේරීමේ තරඟය පැවැත්වුණේ අද අලුයමයි.

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන යුපුන් අබේකෝන් දෙවන මංතීරුව යටතේ තරඟයට එක් වුණාය. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරඟයේ ජය තීරණය කෙරුණේද තත්ත්පරයෙනුත් දශම ගණනකිනි.

මීටර් 100 තරඟ ඉසව්ව තත්ත්පර 10 යි දශම බිංදුවයි දෙකකින් නිම කළ කෙන්යානු ක්‍රීඩකයා එහි රන් පදක්කම දිනා ගත් අතර තත්ත්පර 10 යි දශම එකයි තුනකින් තරඟය නිම කළ රුසියානු ක්‍රීඩකයා එහි රිදී පදක්කම දිනා ගත්තා. ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් තරඟය නිම කර තිබුණේ තත්ත්පර 10 යි දශම එකයි හතරකින්. ඒ අනුව යුපුන්ට රිදී පදක්කම අහිමි වූයේ තත්ත්පර බිංදුවයි දශම බිංදුවයි එකකින් වීම විශේෂත්වයකි.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසි කිරීමේ පැරා මළල ක්‍රීඩා ඉසව්වේ අවසන් මහා තරඟයට එක්වූ ශ්‍රී ලංකාවේ පාලිත හල්ගහවෙල එහි රිදී පදක්කම දිනා ගත්තාය. ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 44 යි දශම 2 යි බිංදුවකි.

එංගලන්තයේ බර්මින්ග්හැම් නුවරදී පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 06 වන දිනය අදයි.