WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල : බිච් වොලිබෝල් පිරිමි සහ කාන්තා ඉසව්වේ අවසන් පුර්ව වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

Fri, August 05, 2022- Page Views : 0 results

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණාය. ඒ, සෙන් කිට්සම් ඇන්ඩ් නෙවිස් දූපත් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

එහිදී ශ්‍රී ලංකාව ජය ගත්තේ තරඟ වට 2 ට බිංදුවක් ලෙසයි. එමෙන්ම ශ්‍රී ලංකා බීච් වොලිබෝල් කාන්තා කණ්ඩායම ද එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තාය. ඒ, ට්‍රේනිඩෑඩ් ඇන්ඩ් ටොබැකෝ කණ්ඩායම තරඟ වට 2 ට බිංදුවක් ලෙස පරාජයට පත් කරමිනි.

මීට අමතරව බැට්මින්ටන් ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයට සුදුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න, දුමින්ද අබේවික්‍රම සමත් වුණාය. එමෙන්ම බැට්මින්ටන් මිශ්‍ර යුගල ඉසව්වේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ තිලිණි හෙන්දහේවා සමත් වී තිබේ.

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා පන්දුවාර 20 යි විස්ස තරඟයෙන් දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකා පිළ ඊයේ කඩුලු 10 කින් පරාජයට පත් වුණාය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 46 ක් පමණයි.