WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඩ්වේන් බ්‍රාවෝ T20 පිටියේ කඩුලු 600 සීමාව පසුකරයි

Fri, August 12, 2022- Page Views : 0 results

පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේ කඬුලු 600 යේ සීමාව පසුකර යාමට බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ සමත්වී තිබේ. ඒ, ඊයේ පැවති “ද හන්ඩ්‍රඩ්” තරඟාවලියේ, තරඟයකදී කඬුලු 02 ක් දවා ගැනීමත් සමඟයි.

38 හැවිරිදි ඩ්වේන් බ්‍රාවෝ පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේ කඬුලු 600 යේ සීමාවට පැමිණියේ තරඟ 516 ක් ක්‍රීඩා කරමිනි. 2021 වසරේ නොවැම්බර් සිට ඔහු කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය නොකළද ලොව පුරා ඇති ලීග් ක්‍රිකට් තරඟාවලි සඳහා අඛණ්ඩව සහභාගී වන ක්‍රීඩකයෙකි.

පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේ වැඩිම කඬුලු ලාභීන් අතර කඬුලු 466 ක් දවා ගත් ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් දෙවන ස්ථානයේත්, කඬුලු 460 ක් දවාගත් බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක සුනිල් නරේන් 03 වන ස්ථානයේත් පසුවේය.