WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආරාධිත T20 ශුරතාවය ශ්‍රී ලංකා ක්‍රිකට් රෙඩ්ස් පිල සමත් වෙයි

Tue, August 16, 2022|- Page Views : 0 results

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ආරාධිත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් රෙඩ්ස් කණ්ඩායම සමත්වුණාය. ඒ, ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් බ්ලූස් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බ්ලූස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 136 ක් රැස් කළාය. රෙඩ්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ කඩුළු 03 ක් පමණක් දැවී තිබියදීයි. එහිදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 56 ක් රැස් කළාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලිය සංවිධාන කළේ එළඹෙන ආසියානු කුසලානය සහ පන්දුවාර 20 ලෝක කුසලානය ඉලක්ක කර ගනිමිනි.