WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හොංකොං ආසියානු ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගනී

Thu, August 25, 2022- Page Views : 0 results

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමට හොංකොං කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණාය. ඒ, එක්සත් අරාබි එමීර් කණ්ඩායම කඬුලු 08 කින් පරාජයට පත් කිරීමත් සමඟයි.

මෙවර ආසියානු කුසලාන ප්‍රධාන තරඟාවලියට පෙර සුදුසුකම් ලැබීමේ වටයක් පැවැත්වුණාය. ඒ සඳහා හොංකොං, කුවෙට්, එක්සත් අරාබි එමීර් සහ සිංගප්පූරුව යන කණ්ඩායම් සහභාගී වුණාය. එහිදී සෑම කණ්ඩායමක්ම තරඟ 03 කට සහභාගී වූ අතර වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමිකරගත් කණ්ඩායමට ආසියානු කුසලාන ප්‍රධාන තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමට හැකිවේ.

ඒ අනුව තරඟ 03 ම ජයගත් හොංකොං කණ්ඩායම ආසියනු කුසලානයට සුදුසුකම් ලැබූ අතර ඔවුන් තරඟවදින්නේ ඉන්දියාව හා පාකිස්තානය ද ඇතුලත් A කාණ්ඩය යටතේයි.

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරඟාවලිය ලබන සෙනසුරාදා ආරම්භවේ.