ආසියානු ක්‍රිකට් කුසලානය අද සිට ඇරඹෙයි
Sat, August 27, 2022- Page Views : 0 results
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භවේ. තරඟාවලිය ලබන සැප්තැම්බර් 07 වනදා දක්වා ක්‍රියාත්මකයි. මෙවර ආසියානු තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුණද රටේ පවතින තත්ත්වය හේතුවෙන් තරඟාවලිය පැවැත්වීමට එක්සත් ආරාබි එමිර් රාජ්‍යය තෝරා ගැනුණි.
කෙසේ වෙතත් තරඟාවලියේ සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි.
මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ හොංකොන් යන කණ්ඩායම් එක්වේ. ඒ කාණ්ඩය යටතේ ඉන්දියාව, පකිස්තානය සහ හොංකොන් යන කණ්ඩායම් තරඟ වදිනවා. ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය තරඟ වදින්නේ බී කාණ්ඩයේ. තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරඟය අද පැවැත්වේ. ඒ, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතරයි.
අද තරඟයට සූදානම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු භානුක රාජපක්ෂ මෙලෙස අදහස් පල කළාය. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර මෙම තරඟය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 07 යි 30 ටයි.