විශ්‍රාම ගියත් දක්‍ෂතා තරුණ බව ජයසූරිය පෙන්වයි
Wed, September 14, 2022- Page Views : 0 results
රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ප්‍රවීණයින්ගේ ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන්ද විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණාය. ඒ, එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුළු 7කින් පරාජයට පත් කරමිනි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 78 ක් පමණයි.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සනත් ජයසූරිය ලකුණු 3 කට කඩුළු 4 ක් දවා ගැනීමට සමත් වුණාය. ඔහු යැවූ පන්දුවාර 4ට නිලකුණු පන්දුවාර 2 ක් ද ඇතුළත්. එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 15 සීමාව පසුකර යාමට හැකියාවක් ලැබුණේ නැහැ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 14 යි පන්දු 3 ක් අවසානයේ කඩුළු 3 ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ සනත් ජයසූරියයි.