WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයාගේ නඩුව විභාගයට

Wed, September 14, 2022- Page Views : 0 results

අපරික්ෂාකාරීව සහ නොසැලකිලිමත් අන්දමින් මෝටර් රථය ධාවනය කර පුද්ගලයෙකු මරණයට පත්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ට එරෙහි නඩුව වැඩිදුර විභාගය සදහා ලබන නොවැම්බර් 30 දින කැදවන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා අද(14) නියම කළේය.

2020 ජුලි 06 දා අලුයම් කාලයේ පානදුර හොරේතුඩුව පැරණි ගාලුපාරේ දී පානදුර , ගොරකපොල ප්‍රදේශයේ පදිංචිව සිටී නෙවිල් පීරිස් (64) තැනැත්තා කුසල් මෙන්ඩිස් ධාවනය කළ රථයේ ගැටී මරණයට පත්වීම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය විසින් පවරන ලද නඩුව යලි කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා එසේ දින නියම කළේය.

අපරික්ෂාකාරීව හා නොසැලකිලිමත් අන්දමින් රිය ධාවනය කිරීම, අනතුරක් වලක්වා නොගැනීම, තුවාලකරු රෝහලට රැගෙන නොයා පලායාම සහ අනතුර වාර්තා නොකිරීම යටතේ කුසල් ගිම්හාන මෙන්ඩිස් නැමැත්තාට එරෙහිව චෝදනා එල්ලවී ඇති බවට අධිකරණයේදී කරුණු අනාවරණය විය.

ලබන නඩුවාරයේදී මරණකරු සම්බන්ධ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර චෝදනා පත්‍රය ගොනුකරන ලෙසත් පැමිණිල්ලේ සාක්ෂි 1,3 සහ 5 හට සිතාසි නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.

විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අකිල ජයසුන්දර විසින් සිය සේවාදායකයා නිවැරදිකරු බව අධිකරණය හමුවේ කියා සිටියේය.පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ප්‍රේමරත්න ජයසිංහ පෙනීසිටි අතර පොලිසිය වෙනුවෙන් කොස්තාපල් සුමිත් (32119) පෙනී සිටින ලදී.

නඩුව ලබන නොවැම්බර් 30 දා යලි කැදවීමට නියමිතයි.