WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මහේලට නව වගකීමක්

Thu, September 15, 2022- Page Views : 0 results

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන හට ඉන්දියාවෙන් නව ක්‍රිකට් වගකීමක් පැවරී තිබේ. ඒ, මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ ගෝලීය කාර්යසාධන ප්‍රධානියා ලෙස පත් කරමිනි. මුම්බායි ඉන්දියන්ස් සන්නාමය ලොව පුරා වඩාත්ම ආදරය කරන ක්‍රිකට් සන්නාමය බවට පත් කිරීම මහේලට පැවරෙන ප්‍රධාන වගකීමයි.

ඒ අනුව මහේල ජයවර්ධන IPL ක්‍රිකට් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු භූමිකාවෙන් ඉවත් කර තිබේ. IPL ශූරතා 03 ක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට දිනා දීමට පුහුණුකරුවා ලෙස කටයුතු කළේ මහේල ජයවර්ධනයි.

ඊටත් වඩා පුළුල් වගකීමක් වන මුම්බායි ඉන්දියන්ස් ගෝලීය කාර්යසාධන ප්‍රධානී භූමිකාවේ ප්‍රධාන කාර්ය වන්නේ මුම්බායි ඉන්දියන්ස් සතු ගෝලීය කණ්ඩායම් 03 ක් පුහුණු කිරීම හා අධීක්ෂණය කිරීමයි.

ගෝලීය වශයෙන් ක්‍රියාත්මක පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරඟාවලි 03 ක, කණ්ඩායම් 03 ක අයිතිය මුම්බායි ඉන්දියන්ස් සතුවේ. ඒ, ඉන්දිය ප්‍රිමියර් ලීග්, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ILT 20 සහ දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක SA 20 යන තරඟාවලිවලයි.