ආසියානු දැල් පන්දු ශූරියන්ට නාවික හමුදාවෙන් උසස්වීම්
Fri, September 16, 2022- Page Views : 0 results
ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ නාවික හමුදා ක්‍රීඩිකාවන් හට නාවික හමුදාවෙන් උසස්වීම් ලබාදී තිබේ. ඒ, නාවික හමුදාවේ කීර්තිය ඉහළ නංවමින් රටට මහත් අභිමානයක් ගෙනදීමට සිදුකළ සුවිශේෂී දායකත්වය අගය කරමිනි.
ඒ අනුව එම ක්‍රීඩිකාවන් මෙතෙක් දැරූ නිළයට අනුව ඔවුන් ඊළඟ නිළය දක්වා උසස් කිරීමටයි නාවික හමුදාව කටයුතු කර ඇත. මීට අමතරව නාවික හමුදා ක්‍රීඩිකාවන් වෙත රුපියල් දෙලක්ෂ 50,000 ක මුදල් ත්‍යාග ද පිරිනමා තිබේ.
ආසියානු රටවල් 11 ක සහභාගීත්වයෙන් සිංගප්පූරුවේදී පැවති 12 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරඟයෙන් සත්කාරක සිංගප්පූරුව ලකුණු 63 ට 53 ක් ලෙස පරාජය කරමින් ආසියානු දැල්පන්දු ශූරතා කුසලානය අපරාජිතව දිනාගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් වුණාය.