WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟයට වර්ෂාවෙන් බාධා

Thu, September 29, 2022- Page Views : 0 results

ලොව ප්‍රවීණ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගිවන “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්” පන්දුවාර විස්සයි 20 ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ රාත්‍රියේ පැවති ඉන්දියා - ඕස්ට්‍රේලියා පළමු අවසන් පූර්ව තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු ඉනිම පන්දුවාර 17 කදී තාවකාලිකව අවසන් කිරීමටයි තරඟ තීරකයින් පියවර ගෙන ඇත. ඒ වන විට ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම කඬුලු 05 කට ලකුණු 136 ක් රැස් කරගෙන සිටියා. ඊයේ දිනයේ නතර කළ තැන සිට තරඟය යළි අද ආරම්භ වීමට නියමිතයි.

මේ අතර “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්” පන්දුවාර විස්සයි 20 ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය අද පැවැත්වේ. ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බටහිර ඉන්දිය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතරයි.