WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පෙරහුරුව අද සිට ඇරඹේ

Tue, October 11, 2022- Page Views : 0 results

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙරහුරු තරඟ අද ආරම්භ වනවා. ශ්‍රී ලංකාවේ පළමු පෙරහුරු තරඟය අද පැවැත්වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පිළි ලබන බ්‍රහස්පතින්දා අයර්ලන්තය සමඟ ද තවත් පෙරහුරු තරඟයකට එක්වනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පෙරහුරු තරඟ ආරම්භ වූයේ ඊයේ දිනයේයි. එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ලකුණු 17 කින් පරාජය කිරීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඊයේ පැවති දෙවන තරඟයෙන් ස්කොට්ලන්තය විසින් නෙදර්ලන්තය පරාජය කරනු ලැබුවේ ලකුණු 18 කින්.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන, ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟ ලබන ඉරිදා ආරම්භ වනවා.