WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා - අයර්ලන්ත පුහුණු තරගයට බාධා

Thu, October 13, 2022- Page Views : 0 results

ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට පෙර අද (13) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පුහුණු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමා තිබේ.

මෙල්බන් හිදී එම තරගය පැවැත්වීමට නියමිතව තිබුණි.

එමෙන්ම නැමීබියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර අද පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු තරගය ද වර්ෂාව හේතුවෙන් අත්හැර දමා ඇති බව වාර්තා වෙයි.

ලෝක කුසලාන පන්දුවාර 20යි 20 තරගාවලිය ලබන 16 වනදා ආරම්භ වන අතර පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම් අතර වික්ටෝරියා හි ගීලෝන්ග් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මේ වන විට අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.