WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකා දඟ පන්දුව ගැන ඉඟියක්

Fri, October 14, 2022- Page Views : 0 results

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගනවල ස්වභාවය පිළිබඳ විශේෂ වාර්තාවක් මේ වන විට එළිදක්වා තිබෙනවා. ක්‍රීඩා විශ්ලේෂකයින් එමඟින් දක්වා ඇත්තේ ඔස්ටේ්‍රලියානු තණතිලිවලදී හයේ පහර සහ හතරේ පහරවලින් ලකුණු රැස් කිරීමට පි‘තිකරුවන්ට මෙවර වෙහෙසවී කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි.

ලෝක කුසලානයේ තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගනවල මෙතෙක් පැවති පන්දුවාර විස්සයි 20 තරඟ ආශ්‍රීතව මෙම විශ්ලේෂනය සිදුකර තිබෙනවා. එමඟින් පෙන්වාදී ඇත්තේ හයේ සහ හතරේ පහරවලින් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව සමස්ථ තරඟයේ ලකුණු සංඛ්‍යාවෙන් සියයට 50 කට ආසන්න බවයි. ඒ අතරින් හයේ පහරවලින් රැස්කළ ලකුණු පවතින්නේ සියයට 20 ක අගයකයි.

කෙසේවෙතත් පන්දුවාර විස්සයි 20 තරඟවලදී ඔස්ටේ්‍රලියානු තණතීලිවලදී දඟ පන්දු යවන්නන්ට ද කැපී පෙනෙන අවස්ථාවක් පවතින බව එම වාර්තාවේ සඳහන්.

මෙතෙක් පැවති තරඟවලදී කණ්ඩායම් දඟ පන්දුව භාවිතකර ඇති ප්‍රතිශතය සියයට 58 ක්. වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ වැනි පන්දුයවන්නන්ට එහිදී වැඩි වාසියක් ඇති බවටයි ක්‍රීඩා වාර්තා අධ්‍යනයේදී දැකගත හැකි වන්නේ.