WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

20යි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද පස්වරුවේ

Tue, September 18, 2022- Page Views : 0 results

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1යි 30ට පමණ ආරම්භ වීමට නියමිතයි.

A කාණ්ඩය යටතේ තරග කරන මෙම කණ්ඩායම් දෙකම තමන් සහභාගී වූ පළමු තරගයෙන් පරාජයට පත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාව හමුවේ ලකුණු 55ක අනපේක්ෂිත පරාජයක් ලැබූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය නෙදර්ලන්තය හමුවේ කඩුළු 3කින් පරාජයට පත් වුණා.

A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය 3 වන ස්ථානයේත් ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වන ස්ථානයේත් රැදී සිටිනවා. ඒ අනුව මෙම තරගාවලියේ ඉදිරියට යාම සදහා මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇති.

මේ අතර A කාණ්ඩයේ තවත් තරගයක් ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9යි 30ට පමණ ආරම්භ වීමට නියමිතයි. නැමීබියාව සහ නෙදර්ලන්තය එහිදී තරග වදිනවා.