වහල් කමට එරෙහිව චාල්ස්ට බිත්තර ප්‍රහාරයක්
Fri, 11 November 2022- Page Views : 0 results
දෙවන එලිසබත් රැජිණගේ මරණයෙන් පසුව රජකමට පත්වූ තුන්වෙනි චාල්ස් රජතුමාට සහ කැමිලා ආර්යාවට බිත්තර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
ඒ යෝර්ක් නගරයේ පැවැති සම්ප්‍රදායික උත්සවයකට සහභාගී වීම සදහා 73 හැවිරිදි චාල්ස් රජතුමා සහ 75 හැවිරිදි කැමිලා ආර්යාව පැමිණි අවස්ථාවේදී.
බිත්තර කිහිපයක් චාල්ස් රජු සහ කැමිලා ආර්යාව දෙසට එල්ල වී ඇතත් බිත්තර ඔවුන්ගේ ඇඟේ වැදී නොමැති අතර පොලිසිය වහාම ක්‍රියාත්මකවී බිත්තර ප්‍රහාරයක් එල්ල කළ 23 හැවිරිදි තරුණයාව අත් අඩංගුවට ගෙන තිබෙනවා.
එම ප්‍රහාරය එල්ල කිරීමත් සමඟ “මේ රට ගොඩනඟා ඇත්තේ වහලුන්ගේ ලෙයින්” සහ “මගේ රජ නොවේ” යනුවෙන් පුද්ගලයෙකු කෑ ගසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.