WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අතුරු තහනමක් සමග රූ රැජින කිරුළේ අවුල යළි කරලියට

Sat, 12 November 2022- Page Views : 0 results

තමාට අපහාස සිදුකළ පාර්ශවයන්ට එරෙහිව අධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විවාහක රූ රැජිනක වූ පුෂ්පිකා ද සිල්වා ප්‍රකාශ කරනවා.

ඇය සම්බන්ධයෙන් කතාබහට ලක් වන්නේ පසුගිය වසරේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේදී ඇයට ලැබුණු කිරුළ එම අවස්ථාවේ ගලවා ඉවත් කර වෙනත් තරගකාරියකට පැළදවීමේ සිද්ධියත් සමගයි.

සැබෑ රැජිනක් සිය ජිවිතයේ ජයග්‍රහණ සතුටින් භාර ගන්නා අතර පරාජයන් සාමකාමීව භාර ගන්නා බව ද ඇය අධිකරණ නියෝගයෙන් පසු සඳහන් කරනවා.

පුෂ්පිකාගේ මෙම සිද්ධියෙන් පසු ඇය පාර්ශවයන් කිහිපයකට චෝදනා එල්ල කළ අතර අදාල තත්ත්වය හමුවේ ඇයට හිමි මිසිස් ශ්‍රී ලංකා සන්නාමය ඉවත් කිරීමට මිසිස් ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ කටයුතු කළා.

මේ අතර ගල්කිස්ස දිසා අධිකරණය නියෝග කර ඇත්තේ 2021 මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් වර්ල්ඩ් කිරුළ වෙනත් කිසිදු තැනැත්තියකට පැවරීම හෝ පැළඳවීම වළක්වමින් නඩුවේ විත්තිකාර චන්දිමාල් ජයසිංහට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමටයි.

පුෂ්පිකා මීට අදාළව සිදුකළ අදහස් සමග චන්දිමාල් ජයසිංහ ද සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

එහි ඔහු සඳහන් කර තිබුණේ තමන් ලෝකයේ දුටු ශක්තිමත්ම මිනිසා තමන්ම බවයි තමාට ජීවිතයේ හමුවේ සුන්දරම මිනිසා තමන් බව ද සඳහන් කර තිබුණා එසේම නිශ්ශබ්දව දිනන්න යනුවෙන් සඳහන් ඡායාරූපයක් ද චන්දිමාල් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ හුවමාරු කර තිබුණා.

කෙසේ වෙතත් පුෂ්පිකා ද සිල්වා අදාළ අධිකරණ නියෝගයෙන් පසු වැඩිදුරටත් පවසා තිබුණේ සත්‍යය කවදා හෝ ජය ගන්නා බවයි.

සෑම කාන්තාවකටම ලෝකයේ ජිවත් වන්නට සාධාරණ අයිතියක් ඇති බව ද ඇය අදාල ප්‍රකාශයේ දක්වා තිබුණා.