WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විස්සයි -20 ලෝක කුසලානය එංගලන්තයට

Sun, 13 November 2022- Page Views : 0 results

විස්සයි 20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුවා. ඒ පාකිස්ථානය කඩුලු 05කින් පරාජය කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 138ක් රැස් කර ගනු ලැබුවා.

පාකිස්ථාන ඉනිම වෙනුවෙන් නායක බාබර් අසාම් ලකුණු 32ක් සහ මසුඩ් ලකුණු 38ක් රැස් කරනු ලැබුවා.

පන්දු යැවීමේදී එංගලන්තයේ සෑම් කරන් ලකුණු 12 කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා.

ජයග්‍රාහි ලකුණු 139ක ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දු වාර 19ක් අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 139ක් රැස් කරනු ලැබුවා.

එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 52ක් රැස් කරනු ලැබුවා.