"මගේ ඔටුන්න කෝටියක් වටිනවා මට ඒක දුන්නේ දායකයෝ "
Tue, 15 November 2022- Page Views : 0 results
ඔටුන්නක් පළඳා තමන්ට දියසෙන් බලය ලැබුණු බව පැවසු ස්වාමින්වහන්සේ නමක් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිද තොරතුරු හුවමාරු වී තිබුනා
නිරමුල්ලේ ඤානවිජය නම් වූ එම ස්වාමින් වහන්සේ පවසා ඇත්තේ තමන්ට මෙම දියසෙන් බලය චක්‍රවර්තී බලයක් ලෙස ලැබුණු බවයි.
ස්වාමින් වහන්සේ ඒ සම්බන්ධයෙන් පුවත්පත් සාකච්චාවකට සහභාගී වෙමින් කියා සිටියේ මෙවැන්නක්
"මෙම දියසෙන් බලය කියන්නේ චක්‍රවර්තී බලයක්. මේ කිරුල කියන්නේ කාම කිරුළක් නෙමෙයි. මම මේ ධර්ම රාජ්‍ය ගොඩනගනවා. එවැනි ප්‍රතිපතියක් මේ ලෝකේ නැහැ අලුතින් මම ගොඩ නගනවා. කිරුල මම අධිෂ්ඨානය සදහා තමයි ඒ වෙලාවේ හිස මත තබා ගත්තේ.මම මේක මාස කිහිපයක ඉඳලම සමාජයට ඉදිරිපත් කළා.
එම කිරුල රත්‍රන් රිදී සහ මැණික් වලින් නිර්මාණය කරලා තියෙන්නේ. එක කෝටියකට අසන්න වටිනා කමකින් යුක්ත වෙනවා. ඒක මේ විශ්ව ව්ද්‍යාව අවබෝද කරගත්ත පිරිස මේක නිර්මාණය කරලා තියෙන්නේ.මේක මට නිර්මාණය කරගත්ත එකක් නෙමෙයි මේක ලෝකය වෙනුවෙන් කරපු දෙයක්."