වැසිකිලියේ දොර ඇර පොලිසිය අපරාධකරු අල්ලයි
Thu, 17 November 2022- Page Views : 0 results
බස් රථයක් කොල්ලකා පලා ගිය පුද්ගලයෙකු වැසිකිලියක් තුල සැගවී සිටියදී අත්අඩංගුවට ගත් පුවතක් වාර්තා වෙනවා.
මෙම පුද්ගලයා මෙක්සිකෝවේ සාප්පු මධ්‍යස්ථානයේ වැසිකිළිය මත වාඩි වී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනේ.
වයස අවුරුදු 41ක් වන මෙම පුද්ගලයා ව්‍යාජ තුවක්කුවක් භාවිතා කරමින් බස් රථයේ සිටි මගීන්ව බය කර ඔවුන්ගේ ජංගම දුරකථන අටක් සොරකම් කර පලා ගොස් තිබෙනවා.
පසුව මේ පිළිබඳව මෙක්සිකෝ ප්‍රාන්ත පොලිසියට ලද පැමිණිල්ලක් මත එම ප්‍රදේශයේ තිබූ CCTV කැමරා උපයෝගී කරගනිමින් අපරාධකරුවා සොයා ගැනීමට හැකි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.