පාපන්දු ලෝක කුසලානය අදින් ඇරඹෙයි
2022-11-20 15:27:14- Page Views : 12
රටවල් 32 ක් තරග වදින ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කටාර් රාජ්‍යයේ දී අද ඇරඹෙයි.
සත්කාරක කටාර් රාජ්‍ය කණ්ඩායම හා ඉක්වදෝර කණ්ඩායම අතර තරගයෙන් තරගාවලිය ආරම්භ වනු ඇත. ලෝක පාපන්දු සම්මේලනය වසර 4 කට වරක් සංවිධාන කරන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලොව වැඩිම ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් නරඹන ක්‍රීඩා ඉසව්වයි.
1930 දී ආරම්භ වු තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 22 වන වතාවටයි. තරගාවලිය කටාර් රාජ්‍යයේ නගර 5 ක ක්‍රීඩාංගණ 8 කදී පැවැත්වෙයි. අවසන් මහා තරගය ලබන මස 18 වැනිදා පැවැත්වීමට නියමිතයි.
මෙවර ජයග්‍රාහී කණ්ඩායමට පිරිනැමෙන ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් හාරකෝටි 40 ස් ලක්ෂයකි. අනුශුරතාව හිමි කර ගන්නා කණ්ඩායමට ඩොලර් කෝටි 3 ක් හිමි වෙයි. තරගාවලියේ පිරිනැමෙන සමස්ත ත්‍යාග මුදල්වල වටිනාකම ඩොලර් කෝටි 44 ඉක්මවයි.
වසර 92 ක පාපන්දු තරග ඉතිහාසයේ මැදපෙරදිග රටක ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. එමෙන්ම එම තරගාවලියට සත්කාරකත්වය සැපයු ලොව කුඩාම රට බවට කටාර් රාජ්‍යය පත්වනු ඇත.