සැහැල්ලු ඇඳුමෙන් පාසල් ආ ගුරුවරියෝ
2022-11-21 15:24:00- Page Views : 10
දිවයිනේ පාසල් රැසක ගුරුවරියන් අද (21) දිනයේ සැහැල්ලු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.
සාරියෙන් පරිභාහිරව සැහැල්ලු ඇඳුමකින් සැරසී අද දිනයේ පාසල් වෙත පැමිණි එම ගුරුවරියන් සඳහන් කළේ සියලු දෙනා මෙම ක්‍රියාව ධනාත්මකව සිතන ලෙසයි.
එමෙන්ම ගුරුවරුන්ගේ සේවය කාර්යක්ෂමව ලබා ගැනීමට මෙය පිටුවහලක් වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
මෙම පහසුව පාසල් දරුවන්ටත් ලැබිය යුතු බවයි එම ගුරුවරියන් වැඩිදුරටත් සඳහන් කළේ.
පාසල් ගුරුවරියන් වෙත නිර්දේශ වී ඇති සාරිය සහ ඔසරිය වෙනුවට සුදුසු සැහැල්ලු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අවසර ලබාදෙන ලෙසට ගුරු සංගම් කළ ඉල්ලීම සම්බන්ධව පසුගිය දා සමාජය තුළ දැඩි කතාබහක් මතුව ආවා.