WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තිළිණිගේ පෙම්වතා බලන්න දේශපාලඥයෙක් බන්ධනාගාරයට..?

2022-11-22 16:28:12- Page Views : 10

බිලියන ගණනක මූල්‍ය වංචා චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමලිගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නැමැත්තා බැලීමට දේශපාලනඥයෙකු පැමිණ ඇති බවට වන තොරතුරු සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම දේශපාලන පක්ෂයක ඉහල තනතුරක් දරන මෙම මන්ත්‍රීවරයා ඉසුරු බණ්ඩාර බැලීමට පැමිණ ඇති බව පවසමින් සමාජජාලාවල හඬපටයක් ප්‍රචාරය වී තිබිණි.

එම හඬ පටය සම්බන්ධයෙන් ඉසුරු බණ්ඩාර නමැත්තාගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන එම හඬපටය බන්ධනාගාරය තුළදී සිදු වූ සංවාදයක් නොවන බවද ඉසුරු බණ්ඩාර එහිදී ප්‍රකාශ කර ඇත.