තරඟ 36කට පසු ආජන්ටිනාවට පරාජයක්
2022-11-23 12:03:35- Page Views : 12
2022 පාපන්දු ලෝක කුසලානයේ දී සෞදි අරාබිය විසින් ආර්ජන්ටිනා කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කිරීමට සමත් විය.
සෞදි අරාබිය ලැබූ මෙම ජයග්‍රහණය මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් සිදුවූ පෙරලිකාර සිදුවීම ලෙසයි සැලකිය හැක්කේ.
මෙම ජයග්‍රහණයත් සමඟ අඛණ්ඩව තරග 36 කදී අපරාජිතව සිටි ආර්ජන්ටිනා පිලේ වාර්තාවට තිත තැබීමට සෞදි අරාබි කණ්ඩායම සමත් විය.
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සෞදි අරාබිය ලැබූ සිව්වැනි ජයග්‍රහණය ලෙස මෙය සටහන් වනවා.