YouTube ආයතනය විසින් podcasting සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි
2022-11-25 12:04:50- Page Views : 30 සමහර පුද්ගලයින් podcast ඇසීම සඳහා වෙනම සේවාවක් භාවිතා කිරීමට අකමැත්තක් දක්වන අතර ඔවුන් YouTube හරහා podcast ඇසීමට උනන්දුවක් දක්වන නිසාම podcast නිර්මාණකරුවන් මේ වන විට පුරුදු වී සිටිනවා YouTube සඳහාද podcast නිකුත් කිරීමට.
Podcast නිර්මාණකරුවන් තමන්ගේ podcast YouTube හි පළකිරීමට උනන්දු කරවීමට සහ podcast නිර්මාණකරුවන් සඳහා “Podcasting on YouTube” යනුවනේ මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට YouTube ආයතනය විසින් මේ වන විට කටයුතු කර තිබෙනවා.
අපට ප්‍රධාන වශයෙන් මෙහි Topics වෙත අවධානය යොමු කරහොත් Podcast Planning, Publishing, Promotion හා Channel Management වැනි topics කිහිපයක් යටතේ මෙම මාර්ගෝපදේශය නිර්මාණය කර ඇති අතර මෙය පරිශීලනය කිරීමෙන් පිටු 67ක් පුරාවට ඔබට podcasting පිළිබඳ ඉතාමත් උසස් මට්ටමේ දැනුමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.