පැතුම් නිස්සංක, චරිත් අසලංක සහ කසුන් රාජිතට මංගල සීනු
2022-11-28 14:55:31- Page Views : 10
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තුන්දෙනෙකු අද (28) විවාහ ගිවිසගෙන තිබෙනවා.
පැතුම් නිස්සංක, චරිත් අසලංක, කසුන් රාජිත මෙලෙස කොළඹ ස්ථාන තුනකදී විවාහ ගිවිසගෙන ඇති බවයි වාර්තාවන්නේ.
ඇෆ්ගනිස්ථානයට එරෙහි මහනුවර - පල්ලෙකැලේ ඊයේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ද මොවුන් ඇතුළත් වුණා.
මංගල උත්සවලින් අනතුරුව අද පස්වරුවේ ඔවුන් නැවත ශ්‍රී ලංකා සංචිතයට පැමිණීමටද නියමිතයි.
ඒ, අනිද්දා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්ථානය සමඟ තුන්වන සහ අවසන් එක්දින තරගයට සූදානම් වීම සඳහායි.