WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඕවරයක් තුළ හයේ පහර 7ක් එල්ල කර පළමු පෙළ ක්‍රිකට් තරග නව වාර්තාවක්

2022-11-28 16:49:08- Page Views : 12

ඉන්දියාවේ අහමදාබාද්හි දී පැවැති විජේ හසාරේ කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේ අවසන් ඕවරයේදී මහාරාෂ්ට්‍ර නායක සහ ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාඩ් එක් ඕවරයක් තුළ හයේ පහර 7ක් එල්ල කර තිබෙනවා.

ඒ මේ තරගයේ අවසන් පන්දු ඕවරය ක්‍රියාත්මක කළ ශිවා සිං විසින් යවන ලද නිපන්දුවකටත් හයේ පහරක් එල්ල කරමින්.

ඒ අනුව රුතුරාජ් ගයික්වාඩ් එම පන්දු ඕවරය තුළ දී ප්‍රතිවාදීන්ගෙන් ලකුණු 43ක් උදුරා ගන්නට සමත් වුණා.

මෙම ලකුණු සංඛ්‍යාව සැලකෙන්නේ පළමු පෙළ ක්‍රිකට් තරගයක එක් පන්දු ඕවරයක් තුළ දී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින්.

මේ තරගයේ දී ගයික්වාඩ් පන්දු 159ක දී හතරේ පහර 10ක් සහ හයේ පහර 16ක් සමඟින් නොදැවී ලකුණු 220ක් රැස් කළා.

මෙහිදී සිය නව වැනි පන්දුවාරයේදී අනපේක්ෂිත ප්‍රහාරයකට ලක්වූ ශිවා සිං සිය පන්දු ඕවර 9 නිමා කලේ ලකුණු 88කට කඩුළු 0 ක් ලෙසින්.

ගයික්වාඩ්ගේ මෙම ලකුණු 220 පළමු පෙළ (List A) ක්‍රිකට් ක්‍රීඩාවේ 39 වැනි ද්විත්ව ශතකය වන අතර, ඉන්දියානුවකු විසින් ලබාගත් පස්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද වනවා.