WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පළමු වටයේ තරගවලින් පෘතුගාලය, බ්‍රසීලය සහ ඝානාවට ජය

2022-11-29 09:20:57- Page Views : 12

පාපන්දු ලෝක කුසලානයේ ඊයේ පැවති තරඟවලින් පෘතුගාලය, බ්‍රසීලය සහ ඝානා පාපන්දු කණ්ඩායම් වලට ජය හිමිවුණා.

දකුණු කොරියාවට එරෙහිව පැවති තරඟය ඝානාව ඊයේ ජය ගත්තේ 3ට 2ක් ලෙසයි.

ස්විස්ටර්ලන්තයට එරෙහි තරඟය බ්‍රසීලය එකට බින්දුවක් ලෙස ජයගනු ලැබුවා.

මේ අතර මෙම තරඟය ආරම්භයට පෙර ස්විස්ටර්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වුණා.

ඒ ස්විස්ටර්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් රැගත් බස් රථය අනතුරට ලක්වීම හේතුවෙන්.

එහි දී ඔවුන් ගමන්ගත් බස් රථය පොලිස් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් අනතුරින් ක්‍රීඩකයන්ට කිසිදු හානියක් සිදු ව නැහැ.

එමෙන්ම පාපන්දු ලෝක කුසලානයේ උරුගුවේ කණ්ඩායමට එරෙහි ව පැවති තරඟය 2ට 0ක් ලෙස පෘතුගාලය ජයගනු ලැබුවා.