රුපියල් 462ක් වටිනා කාසි 187ක් පුද්ගලයෙකුගේ උදරයෙන් එළියට ගනී
2022-11-29 12:24:40- Page Views : 11
පුද්ගලයෙකුගේ උදරයේ තිබී කාසි 187ක් පිටතට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ පුද්ගලයාගේ උදරයේ තිබී ඉන්දීය රුපියල් පහේ කාසි 56ක්, දෙකේ කාසි 51ක් සහ රුපියලේ කාසි 80ක් වෛද්‍යවරුන් විසින් මෙලෙස පිටටට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා උදරයේ වේදනාවක් ගැන පැමිණිලි කිරීමෙන් පසු ඥාතීන් ඔහුව හංගල් ශ්‍රී කුමාරේෂ්වර් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පසුව වෛද්‍යවරුන් විසින් ඔහුට සිදුකළ එක්ස් රේ පරීක්ෂාවකින් පසු සොයාගෙන ඇත්තේ මොහු විසින් කාසි ගිලදමා ඇති බවයි.
හරිජන් නමැති මෙම පුද්ගලයා මාස කිහිපයක සිට මෙලෙස කාසි ගිලදමා ඇති අතර, සැත්කමක් සිදුකර ඔහුගේ උදරයෙන් එළියට ගත් කාසිවල බර කිලෝග්‍රෑම් එක හමාරක් පමණ වන අතර ඒවායේ වටිනාකම ඉන්දීය රුපියක් 462ක් බවයි වෛද්‍යවරු පැවසුවේ.
යනුවෙන් හරිජන්ව සැත්කමට භාජනය කළ වෛද්‍ය ඊෂ්වර් කලබුර්ගි පවසා තිබෙනවා.
මෙලෙස ගිල දමා ඇති කාසි ඔහුගේ බඩේ විවිධ ස්ථානවල සිරවී ඇති අතර,පැය දෙකක පමණ ශල්‍යකර්මයකින් පසු ඒවා ඉවතට ගත් බවයි එම වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
පසුගිය ඉරිදා දිනයේ මෙම සැත්කම සිදුකර ඇති අතර, රෝගියා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.