WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා කණ්ඩායමට තියුණු ජයක් - තරගාවලිය ජය පැරදුමින් තොරයි

2022-12-01 09:29:24- Page Views : 12

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සම්න්විත තරගාවලිය ජය පරාජයකින් තොරව අවසන් වුණා.

ඒ අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත් වුණ තුන්වන හා අවසන් එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4කින් ජයග්‍රහණය කළා.

ප්‍රතිවාදී ඇෆ්ගන් කණ්ඩායම ලබා දුන් ලකුණු 314ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වන කුසල් සහ පැතුම් ලකුණු 101ක සබඳතාවක් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුවා.

කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 67ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කරමින් සිටියදී මොහොමඩ් නබීගෙ පන්දුවක් හමුවේ දැවී ගියා.

දෙවන කඩුල්ල ලෙස පැතුම් නිස්සංක දැවී ගියේ ලකුණු 35ක් ලබා සිටිය දී යි.

ශ්‍රී ලංකා ඉනිමේ තුන්වන කඩුල්ල ලෙස ධනංජය සිල්වා ලකුණු 5ක් ලබා සිටිය දී දැවී ගියේ රෂීඩ් කාන්ගේ පන්දුවක් කෙලින් ම කඩුල්ලේ වැදීමෙන්.

අනතුරුව චරිත් අසලංක හා එක්ව ඉනිම ගොඩනගමින් සිටි දිනේෂ් චන්දිමාල් ද අවාසනාවන්ත අයුරින් දැවී ගියේ, ලකුණු 33ක් රැස් කරගෙන සිටිය දී යි.

චන්දිමාල්ගේ දැවී යාමෙන් කඩාවැටුණු ඉනිමට නායකත්වයේ මුක්කුවක් ගහන්න ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.

ඔහු අසලංක හා එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුනු 74ක සබඳතාවක් ගොඩ නැගූ අතර එම සබඳතාව නිමාව දුටුවේ දසුන් ලකුණු 43ක් ලබා සිටිය දී රශීඩ් කාන්ගේ පන්දුවක් හමුවේ දැවීයාමෙන් අනතුරුවයි.

පසුව පිටියට පිවිසි වනිදු හසරංගට රැස් කර ගත හැකි වූයේ ලකුණු 2ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ළාබාල ම ක්‍රීඩකයා අනතුරුව පිටියට පිවිසියා.

ඔහු හුදකලාව ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් සිටි චරිත් අසලංකට අනගි සහයක් වෙමින් නොදැවී ලකුණු 31ක් රැස් කලා.

චරිත් අසලංක නොදැවී ලකුණු 83ක් ලබා ගත්තා.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත් වූ රෂීඩ් කාන් පන්දුවාර 10 අවසානයේ දී ලකුණු 32කට කඩුළු 4ක් දවා ගත්තා.