ලොවපුරා මිලියන 40.1කට දිවි අහිමිකළ HIV
2022-12-02 11:12:52- Page Views : 10
HIV වෛරසය මගින් ඇති කරන ඒඩ්ස් රෝගය හේතුවෙන් ලොවපුරා පුද්ගලයින් මිලියන 40.1ක පිරිසක් මේ වන විට මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එම සංවිධානය පෙන්වාදෙන්නේ 2021 වසර තුළ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 650,000ක් බවය.
2004 වසරේ දී පුද්ගලයින් මිලියන 2ක පිරිසක් HIV ආසාදනයෙන් මියගොස් තිබූ අතර 2010 වසරේ දී මියගිය සංඛ්‍යාව මිලියන 1.4ක් ලෙස වාර්තා වී තිබුණි.
2021 වසර අවසන් වනවිට ලොව පුරා සිටින HIV ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 38.4ක් ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් තුනෙන් දෙකක් අප්‍රිකානු කලාපීය රටවලින් හදුනාගෙන තිබීම විශේෂත්වයකි.
සෑම වසරකම දෙසැම්බර් මස පළමුවනදා ලෝක ඒඩ්ස් දිනය ලෙස නම් කිරීමට 1988 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගනු ලැබීය.