WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වකුගඩු රෝහලේ සිදුවූ වෘෂණ කෝෂ ජාවාරම

2022-12-04 09:44:56- Page Views : 10

වකුගඩු ජාවාරම සිදුකෙරුණු බවට උකුස්සා අනාවරණ කළ බොරැල්ලේ පිහිටි පෞද්ගලික රෝහලේ වෘෂණ කෝෂ ජාවාරමක් ද සිදුව ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.

වකුගඩු ජාවාරම සිදුකළ බොරැල්ලේ පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගිය දින කිහිපය පුරාම රට හමුවේ අන්දෝලනාත්මක අනාවරණයන් රැසක් සිදුකළේය.

මෙම අවයව ජාවාරම සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේදී අදාළ රෝහල තුළ වෘෂණ කෝෂ ජාවාරමක් ද සිදුවී ඇති බවටද අනාවරණ කරගෙන ඇත.

එම රෝහලට වකුගඩු ලබාදීම සඳහා පුද්ගලයන් හඳුන්වාදුන් 'බායි' නමින් හඳුන්වන ප්‍රධාන තැරැව්කරු විසින් වෘෂණ කෝෂ ලබාදීම සඳහා ද පුද්ගලයන් හඳුන්වා දී ඇති බවයි.

එලෙස ලබාදෙන වෘෂණ කෝෂයක් සඳහා රුපියල් ලක්ෂ 70ක ලන්සුවක්ද ඔහු විසින් තබා ඇත.

බායි නමැත්තා විසින් එලෙස මුදල් ලබාදෙන බව පැවසූ තරුණයෙකු සිය අදහස් පලකරමින් පැවසුවේ තමන්ගේ අගහිඟකම් පියවා ගැනීමට සහ නිවසක් මිලදී ගැනීමට ඇති බැවින් තමන් සිය වෘෂණ කෝෂයක් ලබාදීමට එකඟ වු බවය.

කෙසේවෙතත් වකුගඩු ලබාදුන් පුද්ගලයන්ට අදාළ රෝහල මගින් මුදල් ලබා නොදීම නිසා මෙම තරුණයා තම වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.