WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට - තරග දහසකට මුහුණදෙමින් මෙසීගෙන් ලෝක වාර්තාවක්

2022-12-04 09:49:57- Page Views : 12

ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසි සිය පාපන්දු දිවියේ දහස්වැනි තරගයට ඊයේ මුහුණදුන්නා. ඒ, ඔස්ට්‍රෙලියාව සමඟයි.

මෙම තරගයේදී ආජන්ටිනාව ගෝල දෙකට එකක් ලෙස ජය හිමිකරගත්තේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබමින්.

අහ්මඩ් බින් අලි ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ 35 වැනි මිනිත්තුවේදී ලියනොල් මෙසි ගෝලයක් වාර්තාකරනු ලැබුවා.

එය ඔහුගේ පාපන්දු දිවියේ 789 වන ගෝලය ලෙසින් වාර්තා අතරට එක්වුණා.

අනතුරුව දෙවන අර්ධයේදී ක්‍රියාත්මක වූ ඉදිිරි පෙළ ක්‍රිඩක ජූලියන් අල්වාරේස් දෙවැනි ගෝලය වාර්තාකරමින් ආජන්ටිනාවට ජය හිමි කර දීමට සමත්වුණා.

ඔස්ට්‍රෙලියාවට එක් ගෝලයක් වාර්තා කිරීමට හැකිවූයේ ආජන්ටිනා මැදපෙළ ක්‍රීඩක එන්සො ෆර්නැන්ඩේස් අතින් වැරදීමකින් සිය දැල තුළට ගෝලය යොමුවීම හේතුවෙන්.

ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ සිව්වැනි සාර්ථකම කණ්ඩායම ලෙස හැඳින්වෙන ආජන්ටිනාව ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ 2014 වසරේදී අනුශූරයින් වීම අනතුරුව වීම විශේෂත්වයක්.

වත්මන් ලෝක ශ්‍රේණි ගතකිරීම්වල තුන්වන ස්ථානයේ පසුවන ආජන්ටිනාව ලබන සිකුරාදා ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව වටයට ක්‍රීඩා කිරීමට නියමිතයි.