WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මල්ලී ඝාතනය කළ අයියා ඇල්ලූ ෂැගී

2022 December 06- Page Views : 9

දිවුලපැලැස්ස පොලිස් වසමේ වැව්පිටිය ප්‍ර දේශයේදී සිය බාල සහෝදරයා ඝාතනය කළ සැකකරුවෙක් හසලක නිල පොලිස් සුනඛ අංඹයේ කොස්තාපල් 76508 සෙනෙවිරත්න මහතා විසින් හසුරුවන ලද ෂැගී නම් නිල සුනඛයාගෙන් ඉව ඔස්සේ අත්අඩංගුවට ගැනිමට හැකිවූ බව පොලීසි කියයි.

පසුගිය 04 දා මෙම ඝතනය සිදුව ඇති අතර අවුුරුදු 44ක් වූ මියගිය පුද්ගලයාගේ සිරුර දික්පිටිය කැලැවේ තිබී ඊයේ සොයාගෙන තිබේ.

මෙම අපරාධය සිදුවූ ස්ථානයේ තිබු මුගුරකට ෂැගීගේ ඉව ඇල්ලිමෙන් පසු අපරාධ ස්ථානයේ සිටි නිවෙස් කිහිපයක් පසුකර ගිය ෂැගී සැකකරු පදිංචි නිවසේ කාමරයට ගොස් අනතුරුව ආසන්නයේ තිබූ ළිද ළගට ගොස් සෝදා තිබූ රෙදි කැබලි කිහිපයකට ඉව අල්ලා ඇත.

ඒ අනුව අපරාධයට සම්බන්ධ අවුරුදු 46ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. දෙදෙනා අතර කලක පටන් තිබූ කුඹුරක ආරවුලක් මෙම ඝාතනයට හේතු වි ඇති බව අණාවරණය වී තිබේ.