WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආජන්ටිනාව සහ ක්‍රොඒෂියාව තවත් ඉදිරියට

2022 December 10- Page Views : 10

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ක්‍රොඒෂියාව සහ ආජන්ටිනාව යන කණ්ඩායම් සමත් විය.

බ්‍රසීලය සහ ක්‍රොඒෂියාව අතර පැවති අර්ධ අවසන් පුර්ව තරගයේදී කණ්ඩායම් දෙකම ගෝල එකට එකක් ලෙස සම තත්ත්වයට පැමිණීමත් සමග දඞුවම් පහර ලබාදීමට තරග තීරකයින් කටයුතු කළේය.

ඒ අනුව දඞුවම් පහර හතරට දෙකක් ලෙස ජයග්‍රහණය ලබාගැනීමට ක්‍රොඒෂියා කණ්ඩායම සමත් විය.

එමෙන්ම නෙදර්ලන්තය සහ ආජන්ටිනා කණ්ඩායම් අතර පැවති අර්ධ අවසන් පූර්ව තරගය ද සම්පූර්ණ කාලය නිමාවට පත් වුයේ කණ්ඩායම් දෙකම ගෝල දෙකට දෙකක් ලෙස සම තත්ත්වයට පත්වෙමිනි.

පසුව ලබාදුන් දඞුවම් පහර අවස්ථාවේ දී හතරට තුනක් ලෙස ලබාගනිමින් ආජන්ටිනා කණ්ඩායම ලෝක කුසලාන අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.

ඒ අනුව ආජන්ටිනා කණ්ඩායම සහ ක්‍රොඒෂියා කණ්ඩායම අතර අවසන් පුර්ව තරගය ලබන 13 වැනිදා පැවැත්වීමට නියමිතය.

මේ අතර අර්ධ අවසන් පුර්ව වටයේ තවත් තරග දෙකක් අද (10) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ මොරොක්කෝව සහ පෘතුගාල කණ්ඩායම් අතර සහ එංගලන්තය සහ ප්‍රංශ කණ්ඩායම් අතරය.