හිටපු LTTE සාමාජිකයෙකු බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට
2023 March 22- Page Views : 217
අත්අඩංගුවටගත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකු බව කියන සැකකරුවෙකුගෙන් නොරොච්චෝලේ පොලීසිය ප්‍රශ්ණ කිරීම් ආරම්භ කර තිබේ.
සැකකරු වාකරේ, කදිරවේලි, පූලච්චන්කේනි ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයෙකු බවටයි හදුනා ගෙන ඇත.
පුත්තලම ප්‍රදේශයේ මාදැල් වාඩියක සේවය කරමින් සිටියදී ජාතික හැදුනුම්පතක් හෝ පොලිස් වාර්තාවක් නොමැති වීම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේය.
සති දෙකක කාලයක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුද පුහුණුව ලැබූ බවත්, පසුව එම සංවිධානයෙන් පලා ගිය බවත් සැකකරු පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලබා දී තිබූ ව්‍යාජ නාමය මෙතෙක් හෙලිවී නැහැ.