මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජපානය ආරක්ෂාව තර කරයි

2023 May 29- Page Views : 60

ජපානය සිය බැලස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධති සූදානම්ව තැබීමට තීරණය කර තිබේ.

ඔවුන් එවැනි තීරණයක් ගෙන ඇත්තේ මැයි 31 සහ ජූනි 11 අතර කාලය තුළදී තමන් චන්ද්‍රිකාවක් එළිදැක්වීමට නියමිත බවට උතුරු කොරියාව, ජපානයට දැනුම් දීමෙන් පසුවය.

නමුත් ජපානය පවසන්නේ තම භූමියට තර්ජනයක් වියහැකි ඕනෑම දෙයක් විනාශ කිරීමට තමන් පසුබට නොවන බවය.

උතුරු කොරියාව පවසන්නේ තමන් විසින් නිපදවූ ඔත්තු සෙවීමේ චන්ද්‍රිකාව එසේ කක්ෂගත කිරීමට නියමිත බවය.