WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇෆ්ගනිස්තානයට තියුණු ජයක්

2023 October 04- Page Views : 218

2023 ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් තරග කාණ්ඩයේ 3 වැනි අර්ධ අවසන් පූර්ව වටය ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 8කින් පරාජයට පත්කරමින්ය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ආරාධනා කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්වාර 18යි පන්දු 3ක් තුළ සියලුදෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 116ක් පමණි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Noor Ali Zadran ලකුණු 50ක් රැස් කළ අතර Shahidullah ලකුණු 23ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නුවන් තුෂාර කඩුලු 04ක් රැස් කළ අතර සහන් ආරච්චිගේ කඩුලු 02ක් රැස්කළහ.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 117ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 1ක් තුළ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 108ක් පමණි.