WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අගමැතිනිය සහ ආදිවාසී නායකයා අතර හමුවක්

2026 June 13- Page Views : 6

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුව තිබුණි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ, මෙහිදී ආදිවාසී ජනතාව මුහුණදෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ආදිවාසී ජනතාවට තම පාරම්පරික ඉඩම් පරිහරණය කිරීමේදී ඇති වන දුෂ්කරතා පිළිබඳව අවධානය යොමුව ඇති බවය.

ආදිවාසී ජනතාවට බාධාවකින් තොරව පාරම්පරික ඉඩම් භුක්ති විඳීමට අයිතියක් ඇති බව සහ ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් අවසන් කිරීමේ ඉදිරි කටයුතු සිදුකරන බවද මෙහිදී අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කර තිබේ.

මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත්වූ හෙන්නානිගල ගම්වාසීන් සඳහා මෙතෙක් සහනාධාර නොලැබීම පිළිබඳව ආදිවාසී නායකයා කරුණු ඉදිරිපත් කළ අතර, අග්‍රාමාත්‍යවරිය එම අවස්ථාවේදිම අදාළ නිලධාරීන් දැනුවත් කර එම පවුල් සඳහා විධිමත් ලෙස සහන ලබා දීමටද පියවර ගත් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය.