WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සටන් විරාමය දීර්ඝ කෙරේ

2023 November 30- Page Views : 35

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දැනට පවතින තාවකාලික සටන් විරාමය සිකුරාදා දක්වා දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

එම සටන් විරාමය දීර්ඝ කර ගැනීම සඳහා කටාර ය, ඊජිප්තුව සහ අමෙරිකාව සක්‍රීයව දායක වෙයි.

මේ අතර, ඊයේ (29) හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ජාතිකයින් 10 දෙනෙක්, තායි ජාතිකයින් 04 දෙනෙක් ගාසා තීරයේදී නිදහස් කර තිබුණි.

මේ අතර ඊශ්‍රායල-රුසියානු පුරවැසිභාවය හිමි කාන්තාවන් දෙදෙනෙක්ද ඊයේ නිදහස් කර තිබුණි.

ඊට සමාන්තරව ඊශ්‍රායලයේ රඳවාගෙන සිටි පලස්තීන ජාතිකයින් 30 දෙනෙක්ට ද ඊයේ නිදහස ලැබුණි.