පාකිස්තානයේ ගල් අඟුරු පතලක පිපිරීමක් - 34ක් මරුට
2026 July 31- Page Views : 7
දකුණු පාකිස්තානයේ ගල් අගුරු පතලක සිදුවු පිපිරීමකින් කම්කරුවන් 34දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිපිරීමෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.
එමෙන්ම මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති අතර ඔවුන් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදුවන බව සඳහන් වේ.
පිපිරීම සිදුවීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර ඇත.