WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බන්ධනාගාර බස් රථයක් වීඩියෝ කළ කතක් අත්අඩංගුවට

2026 July 31- Page Views : 7

උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැඳවියන් රැගෙන යමින් තිබූ බන්ධනාගාර බස් රථයක් සිය ජංගම දුරකථනයෙන් රහසිගතව වීඩියෝ කරමින් සිටි කාන්තාවක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාන්තාව උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සිට සිය ජංගම දුරකථනය සඟවාගෙන රහසිගත ලෙස මෙම බන්ධනාගාර බස් රථය වීඩියෝ කර ඇති බවයි උඩුගම පොලීසිය සඳහන් කළේය.

උඩුගම පොලිසියට ලැබුණ පැමිණිල්ලකට අනුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර යම්කිසි අපරාධයක් සිදු කිරීමේ අරමුණින් ඇය මෙලෙස වීඩියෝ කිරීම සිදු කළා ද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

අදාළ කාන්තාවගේ පුත්‍රයෙකු මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාවකට ලක්ව සිටින අයකු බවද සඳහන්ය.

සැකකාරිය උඩුගම ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර තිබේ.