WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නගර සංවර්ධන ව්‍යාපෘතියේ සේවකයෙක් පස් කන්දකට යට වෙයි

2026 July 31- Page Views : 7

මහනුවර, විලියම් ගොපල්ලව මාවතේ මාර්ගය සකසමින් සිටියදී කම්කරුවෙකු මත පස් කන්දක් කඩා වැටී තිබේ.

ඉන් බරපතළ තුවාල ලැබූ ඔහු අද (31) දහවල් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය. ​

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ හේවාහැට, මුල්ඔය ජනපදයේ පදිංචිව සිටි 43 හැවිරිදි තිදරු පියෙකි. ​

අද දහවල් 11.00ට පමණ විලියම් ගොපල්ලව මාවතේ පිහිටි ස්ථානයක ඉදිකිරීම් කටයුතුවල නිරත වෙමින් සිටියදී, අඩි 20 ක් පමණ උසැති පස් කන්දක් එකවරම මොහු මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

​ අනතුරින් පසු වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ සේවකයින් විසින් පස් අතර සිරවී සිටි ඔහුව මුදාගෙන මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. ​

රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් ඔහු ඉතා බරපතළ තත්ත්වයේ පසු වූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ප්‍රදේශයේ පොලිසිය විසින් සිදු කරනු ලබයි.