WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ක්‍රිකට් නඩුව නැවතත් කල්යයි

2023 December 05- Page Views : 44

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගොනු කළ පෙත්සම අද (05) අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගත් තීරණය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබුණි.

එහිදී පෙත්සම යළි ලබන 13 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණය එදින ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දරන ස්ථාවරය දැනුම් දෙන ලෙසත් ඔහුගේ නීතිඥවරයාට නියම කළේය.

මෙම පෙත්සම අද සෝභිත රාජකරණා සහ ඩී. එන්. සමරකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නව ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ ලේඛන තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍යව තිබෙන බව පැවසීය.

ඒ සඳහා කාලය ලබාදෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ පෙත්සම යළි දෙසැම්බර් මස 13 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණය එදින ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය පිළිබඳ නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය දැනුම් දෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට දැනුම් දුනි.

එදින තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග කිසිවක් නොගන්නා බවටත් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට