සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුරට
2023 December 07- Page Views : 11 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
උපදේශක තනතුර වෙනුවෙන් ජයසූරිය මහතාට රුපියල් ලක්ෂ 50 කට අධික වැටුපක් ගෙවීමට නියමිත බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ සනත් ජයසූරිය මහතා අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ.