WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වාහන ආනයනය ගැන රජයෙන් අලුත් දැනුම්දීමක්

2023 December 07- Page Views : 26

විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙම ක්‍රමවේදය හරහා ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් විදෙස් ශ්‍රමිකයින් මෙරටට එවා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම විදෙස් ශ්‍රමිකයින් වෙත ලබාදුන් විද්‍යුත් වාහන ආනයනය කිරීමේ ක්‍රමවේදයට ණයවර ලිපි නිකුත් කිරීමට අදාළ කටයුතු සිදුකිරීමේදී යම් අවහිරතාවයක් මතුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මහාභාණ්ඩාගාරයේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ණයවර ලිපි නිකුත් කිරීම දීර්ඝ කිරීම කටයුතු සිදුකිරීමට බාධා එල්ලවී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.