ජමාල් ගෙන් ඔස්ට්‍රේලියානුවන් ට දැඩි ප්‍රහාරයක්
2024 January 03- Page Views : 220
ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තෙවැනි ටෙස්ට් තරගය මේ වනවිට සිඩ්නි හිදී පැවැත්වෙයි.
මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 313ක් රැස්කළේය.
ඔවුන් වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආමර් ජමාල් ලකුණු 82ක් රැස් කළේය. 4 පහර 9ක් සහ 6 පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.
ජමාල් සහ මීර් හම්සා අවසාන කඩුල්ල වෙනුවෙන් ලකුණු 90ක් එක්කරමින් සංචාරක පාකිස්තාන කණ්ඩායමේ ඉනිම සවිමත් කළහ.
සිය මංගල ටෙස්ට් තරගාවලියට එක්ව සිටින ජමාල්, සිය පළමු ටෙස්ට් තරගාවලියේදී එක් ඉනිමකදී කඩුලු 5ක් සහ අර්ධ ශතකයක් රැස්කළ පළමු පාකිස්තාන ක්‍රීඩකයා ලෙස වාර්තා පොතට එක්විය.
මෙය ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ගේ අවසාන ටෙස්ට් තරගය වෙයි.